මලයාලම් සිනමාවේ නවතම සිනමා අත්දැකීමක් වන ‘බෙත්ලෙහෙම් ෆැමිලි යුනිට්’ (BKU) මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වෙමින් අති සාර්ථක ලෙස තිරගත වෙමින් පවතී. පසුගිය අගෝස්තු 21 වන දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්රපටය, ඉතා අඩු නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වූවකි.
ප්රකට අධ්යක්ෂක ගිරීෂ් ඒ.ඩී. විසින් අධ්යක්ෂණය කර ඇති මෙම චිත්රපටයේ නිවින් පෝලි සහ මමිතා බයිජූ ප්රධාන චරිත නිරූපණය කරති. පවුලේ සැමට එකට නැරඹිය හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම සිනමා පටය, මලයාලම් ප්රේක්ෂකයන් මෙන්ම දෙමළ භාෂාව කතා කරන ප්රේක්ෂකයන් අතරද ඉමහත් ජනප්රියත්වයට පත්ව තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 25ක වියදමින් නිෂ්පාදනය කළ මෙම චිත්රපටය, දින 40කට වැඩි කාලයක් තිරගත වීමෙන් අනතුරුව මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 331 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇත.
චිත්රපටය තවමත් සාර්ථක ලෙස සිනමාහල්වල ප්රදර්ශනය කෙරෙන අතර, පසුගිය ඔක්තෝබර් 02 වන දින සිට ජියෝ හොට්ස්ටාර් (JioHotstar) ඔස්සේද ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදාවී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර