ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද “කොළොම්තොට අභිනන්දන 2026” වැඩසටහන යටතේ පැවති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ගේ නිර්මාණ ඇතුළත් “සිත්තම් 2026” ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝබර් 13 වැනිදා පැවැත්විණි.
නාරාහේන්පිට පිහිටි නිල මැදුරේදී මෙම ප්‍රදර්ශනය විවෘත කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසිනි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවති තරගාවලියකින් අනතුරුව මෙම ජයග්‍රාහී නිර්මාණ ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබුණි.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණාරච්චි සහ සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර