වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා සහ විවිධ ජංගම දුරකථන යෙදවුම් භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචාවන් ඉහළ ගොස් තිබේ. මිතුරු ඇසුරක් හෝ ආදර සබඳතාවක් මුවාවෙන් පුද්ගලයන් රවටා මුදල් ලබාගැනීම මෙම ජාවාරම්වල ප්‍රධාන අරමුණයි.
මෙම වංචනිකයන් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් වැනි මාධ්‍ය හරහා වින්දිතයන්ගේ විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරයි. පසුව, පෞද්ගලික ඡායාරූප හෝ සංවේදී තොරතුරු ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් විශාල වශයෙන් මුදල් කප්පම් ගැනීම සිදුකරයි.
එමෙන්ම, ලිංගික සේවා සපයන බව පවසමින් මුදල් ලබාගෙන සේවා ලබා නොදීම සහ විවිධ හදිසි අවශ්‍යතා මවාපාමින් ණය මුදල් ඉල්ලා සිටීම වැනි ක්‍රමද මොවුන් බහුලව භාවිත කරයි. මෙවැනි සිදුවීම් හේතුවෙන් බොහෝ දෙනෙකුට මූල්‍යමය අලාභයන්ට අමතරව දැඩි මානසික පීඩාවන්ටද ලක්වීමට සිදුව ඇත.
මෙවැනි වංචාවලින් ආරක්ෂා වීම සඳහා නාඳුනන පුද්ගලයන්ට බැංකු ගිණුම් තොරතුරු, මුරපද හෝ පෞද්ගලික ඡායාරූප ලබාදීමෙන් වළකින ලෙස බලධාරීහු උපදෙස් දෙති. අන්තර්ජාලයෙන් හඳුනාගන්නා අයෙකු සමඟ මුදල් ගනුදෙනු කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය.
යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට ලක්වුවහොත්, බිය නොවී අදාළ සාක්ෂි සුරක්ෂිත කර වහාම පොලිසිය හෝ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්න. මුදල් ගනුදෙනුවක් සිදුවී ඇත්නම් වහාම අදාළ බැංකුව වෙත දැනුම් දීමද අත්‍යවශ්‍ය වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර