කාවන්තිස්ස හස්තියාගේ මරණය හෝ ඊට අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කිසිදු විද්යාත්මක සාක්ෂියක් නොමැති පසුබිමක, හුනුගල්ලෑව ගම්වාසීන්ට අසාධාරණ ලෙස බලපෑම් කරමින් එම වරද ඔවුන් මත පැටවීමට උත්සාහ කරන බවට ගම්වාසීහු චෝදනා කරති.
පසුගිය දිනවල නාඳුනන පිරිසක් විසින් ගමේ බලපත්ර සහිත ගිනිඅවි හිමියන් පිරිසක් රැගෙන ගොස් අතරමඟදී පහර දී ඇති බවත්, පසුව මුදල් ලබා දෙමින් තමන්ට අවශ්ය ආකාරයට කටඋත්තර ලබාදෙන ලෙස බලපෑම් කළ බවත් ගම්වාසීහු පවසති. මෙම සිද්ධිය භාර ගන්නේ නම් අධිකරණයෙන් දඩ මුදලක් නියම වන බවත්, එය ගෙවා නඩුව අවසන් කරගත හැකි බවත් එම පිරිස් පවසා ඇත.
රෝගාතුර වූ අලි ඇතුන්ට උපකාර කළ තමන්ව සමාජය වැරදි ලෙස දකින බවත්, ‘මස් වැද්දන්’ ලෙස හංවඩු ගැසීම හේතුවෙන් ගමක් වශයෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. හස්තියාගේ ශරීරයේ තිබූ උණ්ඩ හෝ සැක සහිත ගිනිඅවි පිළිබඳ කිසිදු විද්යාත්මක තොරතුරක් තමන්ට ලැබී නොමැති බවද ගම්වාසීහු අවධාරණය කරති.
තමන් වසර ගණනාවක් පුරා ජීවත් වන ගම්මානයේ පදිංචිකරුවන් ලෙස නොකළ වරදකට චෝදනා එල්ල වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන ඔවුහු, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහ තමන්ට එල්ල වන බලපෑම් පිළිබඳව විධිමත් හා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් සහ පරිසර අමාත්යාංශයෙන් ඉල්ලා සිටිති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර