බටහිර අප්රිකානු රටක් වන බුර්කිනා ෆාසෝහි හමුදා පාලනය විසින් මරණ දඬුවම යළි ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත. එරට සංක්රාන්ති පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් නව දණ්ඩ නීති සංග්රහයට අනුව, ත්රස්තවාදය, රාජද්රෝහීත්වය සහ ඔත්තු බැලීම වැනි බරපතළ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීමට නීතිමය ඉඩකඩ විවෘත වී තිබේ.
2018 වසරේදී අහෝසි කර තිබූ මරණ දඬුවම මෙලෙස යළි හඳුන්වාදීමට හේතුවී ඇත්තේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ත්රස්තවාදී ක්රියාකාරකම් මැඩපැවැත්වීම බව එරට අධිකරණ අමාත්යවරයා සඳහන් කරයි. මෙම පියවර සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ඒකමතික සහාය හිමිව ඇත.
මේ අතර, බුර්කිනා ෆාසෝ රජය විසින් රට පුරා රූ රැජින තරග පැවැත්වීම ද අත්හිටුවා තිබේ. සංස්කෘතික අනන්යතාව සහ සමාජ වටිනාකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, නව නීති රෙගුලාසි හඳුන්වා දෙන තෙක් එම තරග තහනම් කර ඇත.
රූ රැජින තරග අත්හිටුවීමට සමගාමීව, තරුණියන් විද්යා අධ්යාපනයට යොමු කිරීමේ වැඩසටහන් ද රජය විසින් දියත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම දැඩි ප්රතිපත්තිමය තීරණ හේතුවෙන් මානව හිමිකම් සංවිධාන සහ ජාත්යන්තර පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර