ලෝකය පුරා පවතින අවිනිශ්චිත තත්ත්වයන් සහ ස්වාභාවික විපත්, සයිබර් ප්රහාර හෝ යුධ ගැටුම් වැනි හදිසි බාධා කිරීම් හමුවේ ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් ප්රධාන රටවල් කිහිපයක් සිය පුරවැසියන්ට හදිසි සූදානම් වීමේ උපදෙස් නිකුත් කර තිබේ.
ජපාන රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් දින තුනකට හෝ සතියකට ප්රමාණවත් ආහාර, පානීය ජලය සහ සනීපාරක්ෂක ද්රව්ය තමන් සතුව ගබඩා කර තබා ගන්නා ලෙසයි. නන්කායි ට්රෆ් කලාපයේ භූමිකම්පා අවදානම සහ ෆුජි කන්ද ආශ්රිත භූ විද්යාත්මක වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
එක්සත් රාජධානිය විසින් ද ‘Be Ready’ නමින් වැඩසටහනක් දියත් කරමින්, හදිසි අවස්ථාවකදී පැය 72ක් සඳහා අවශ්ය ආහාර, විදුලි පන්දම්, අමතර බැටරි, රේඩියෝ යන්ත්ර සහ මුදල් වැනි අත්යවශ්ය ද්රව්ය කට්ටලයක් සූදානම් කර තබා ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇත. විදුලිය හෝ ජල සැපයුම ඇනහිටින අවස්ථාවකදී ජනතාවට ස්වාධීනව කටයුතු කිරීමට මෙය පිටුවහලක් වනු ඇත.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය විසින් ද සිය හමුදා කඳවුරු සහ ප්රධාන ස්ථානවල සැපයුම් දාමයන් ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා දින 90ක කාලයක් දක්වා අවශ්ය අත්යවශ්ය ද්රව්ය ගබඩා කිරීමේ සැලැස්මක් ක්රියාත්මක කර තිබේ. බාහිර සැපයුම් ඇනහිටීමකදී පවා රටේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණයි.
මෙම සියලු පියවරයන් ගනු ලබන්නේ හදිසි ආපදා තත්ත්වයකදී රජයේ සහන ලැබෙන තෙක් බලා නොසිට, ජනතාවට තමන්ගේ ආරක්ෂාව සහ මූලික අවශ්යතා සපුරා ගැනීම සඳහා සූදානම්ව සිටීමේ වැදගත්කම අවධාරණය කරමිනි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර