මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුද උණුසුම මධ්යයේ, හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බොරතෙල් ප්රවාහන නෞකා හතරක් ගිනිබත් වී පුපුරා ගොස් තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම පිපිරීම් සිදුවීමත් සමඟම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහි යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානය කිසිදු අවස්ථාවක න්යෂ්ටික අවි නිෂ්පාදනය නොකරන බවට වොෂින්ටනයට ස්ථිර සහතිකයක් අවශ්ය බවද ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර, යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විසින් යොමු කළ විශේෂ ලිපියක් ඉරානය වෙත ලැබී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය සමථයකට පත් කර ගැනීම සඳහා කටාර් දූත පිරිසක් ටෙහෙරාන් අගනුවර වෙත පැමිණ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉරාන මාධ්ය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර