මෙට්‍රෝ බස් සේවාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් 2027 වසරේදී අලුතින් බස් රථ 50ක් සේවයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මෙතෙක් බස්නාහිර පළාතට පමණක් සීමා වී තිබූ මෙම සේවාව ඉදිරියේදී මහනුවර, යාපනය සහ ගාල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.
ආරම්භයේදී බස් රථ 10කින් සහ මාර්ග දෙකකින් පමණක් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, මේ වන විට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනක් ආවරණය වන පරිදි මාර්ග හතක බස් රථ 122ක් දක්වා වර්ධනය වී තිබේ.
පසුගිය නොවැම්බර් 4 වන දින පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇති අතර, මගී පහසුකම් වැඩිදියුණු කිරීම සහ ‘LMT Go’ ජංගම දුරකථන යෙදුම වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු වී ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර