ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සහ අදහස් ලබා ගැනීමේ අටවන මහජන සාකච්ඡාව නැගෙනහිර පළාතේදී සාර්ථකව පවත්වන ලදී.
රටේ අනාගත තරුණ පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගනිමින් සකස් කෙරෙන මෙම නව ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා පුළුල් ජනතා සහභාගීත්වයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
දිවයින පුරා පිහිටි පළාත් ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම මහජන සාකච්ඡා මාලාව හරහා තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අපේක්ෂාවන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.
නැගෙනහිර පළාතේ පැවති මෙම හමුව සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.
නව ප්‍රතිපත්ති කෙටුම්පතට අදාළ යෝජනා සහ අදහස් ලබා දීමට සහභාගී වූ පිරිසට අවස්ථාව හිමි වූ අතර, ඉදිරියේදීත් අනෙකුත් පළාත් ආවරණය කරමින් මෙම සාකච්ඡා මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර