වියට්නාමයේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ බළලුන් සොරකම් කිරීමේ දැවැන්ත ජාවාරමක් වටලා, ඝාතනය කිරීමට නියමිතව සිටි බළලුන් 400කට වැඩි පිරිසක් බේරා ගැනීමට එරට පොලිසිය සමත්ව තිබේ. පසුගිය වසර තුනක කාලයක් පුරා මෙම අපරාධ ජාලය ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
හෝ චි මිං නගරයේ පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී, බළලුන් සොරකම් කිරීම සහ එකතු කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මෙම සතුන් මස් ලෙස විකිණීමේ අරමුණින් රඳවාගෙන සිටි බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම වැටලීමේදී දැනටමත් මියගොස් අයිස් මත ගබඩා කර තිබූ බළලුන් 80කගේ සිරුරු ද සොයාගෙන ඇත. බේරාගත් සතුන් අතරින් සතුන් 100ක් පමණ පසුව විවිධ දුෂ්කරතා හේතුවෙන් මියගොස් ඇති බව සත්ව සුභසාධන සංවිධාන තහවුරු කරයි.
ජාත්‍යන්තර සත්ව සුභසාධන සංවිධානයක් වන ‘Humane World for Animals’ විසින් බේරාගත් සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුභසාධනය වෙනුවෙන් මේ වන විට මැදිහත්ව කටයුතු කරමින් සිටී. ඔවුන් සඳහන් කරන්නේ, බේරාගත් බළලුන්ගෙන් අවම වශයෙන් 40 දෙනෙකු මේ වන විටත් ඔවුන්ගේ අයිතිකරුවන් වෙත භාර දී ඇති බවයි.
වියට්නාම නීතියට අනුව සුරතල් සතුන් පරිභෝජනයට අවසර තිබුණද, ඒ සඳහා නිසි සහතික සහ නීත්‍යානුකූල ලියකියවිලි තිබිය යුතුය. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පිරිස සතුන්ගේ සම්භවය සනාථ කරන කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බව බලධාරීන් පවසයි. නඩු විභාගය අවසන් වන තෙක් මෙම සතුන් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර