සෞදි අරාබි රජය විසින් අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය තුළ, මේ වන විට ලක්ෂ 15කට අධික පිරිසක් සිය ලියකියැවිලි නිත්‍යනුකූල කරගෙන ඇති බව එරට කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය සති අටක කාලය තුළ පමණක් පහළොස් ලක්ෂ අසූ එක් දහස් දෙසිය විසි හතක් දෙනා මෙම සහන කාලයෙන් ප්රතිලාභ ලබාගෙන ඇත. ඉන් නව ලක්ෂ විසි හයදහස් තුන්සිය එකක් දෙනා සිය වැඩ කිරීමේ බලපත්‍ර අලුත් කරගෙන ඇති අතර, තුන් ලක්ෂ විසි නව දහස් හාරසිය හැට අටක් දෙනා සිය සේවා යෝජකයන් මාරු කරගෙන තිබේ.
සෞදි කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම පොදු සමා කාලය ජූලි මස 03 වැනි දිනෙන් අවසන් වන බවයි. එම දිනයෙන් පසු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.
මේ අතර, සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් විශාල පිරිසක් මේ දිනවල ආගමන විගමන කාර්යාල අසල පෝලිම්වල රැඳී සිටිනු දැකගත හැකි වේ. කෙසේ වෙතත්, සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහන සැලසීමට හෝ ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට මෙතෙක් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු සෞදි අරාබියට පැමිණ නොමැති බවට විවේචන එල්ල වෙමින් පවතී.
බංග්ලාදේශය ඇතුළු ඇතැම් රටවල් සිය පුරවැසියන් සඳහා සහන කාලය දීර්ඝ කරන ලෙස සෞදි රජයෙන් ඉල්ලා සිටියද, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි මැදිහත්වීමක් සිදු නොවීම පිළිබඳව ප්රවාසී ශ්‍රී ලාංකිකයන් සිය අප්‍රසාදය පළ කරති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර