ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අත්සන් තැබූ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පියවරයන් සාකච්ඡා කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock) නුවරදී හමුවීමට නියමිතය.
මෙම සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පාකිස්තානය ඇතුළු පාර්ශව කිහිපයක් එක්වීමට නියමිත බව ස්විට්සර්ලන්ත බලධාරීන් පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සමනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
මීට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා විසින් ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව මෙම සාකච්ඡා වටය ආරම්භ කෙරේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡා පැවැත්වෙන නිශ්චිත කාලසටහන හෝ සාකච්ඡා කෙරෙන කරුණු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර