තෙල්දෙණිය රෝහල අසල රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මියගොස් ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කළ 34 හැවිරිදි ශම්‍යා දර්ශනී නමැති භෞත චිකිත්සකවරියකි.
සිද්ධියට අදාළ සැකකරු ඇයගේ පෙම්වතා වන මෘදුකාංග ඉංජිනේරුවෙකි. නුවරඑළිය ප්‍රදේශයේ නිවසක සිටියදී ඇයව මෝටර් රථයකින් රැගෙන ගිය අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි. පසුව සැකකරු විසින්ම තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මළ සිරුර ඇති ස්ථානය පිළිබඳව දැනුම් දී තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගත වීමේ අපේක්ෂාවෙන් තරුණිය විසින් විශාල මුදලක් ණයට ගෙන පෙම්වතාට ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් විදේශගත වීම සිදු නොවූ පසුබිමක ඇය දැඩි මානසික පීඩනයකින් පසුවූ බවද වාර්තා වේ. මියගිය තරුණියගේ දේහය රැගෙන ඒම සඳහා සැකකරු විසින් භාවිත කර ඇත්තේ ඔහුගේ තවත් පෙම්වතියකට අයත් මෝටර් රථයක් බවද හෙළිවී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මෙය ඝාතනයක්ද යන්න තහවුරු කර ගැනීමට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සිටින අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර