පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ සුසාන භූමියක අසාමාන්‍ය ලෙස බලි පූජා පවත්වමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බකමූණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරකට අනුව පොලීසිය මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකාර කාන්තාවන් විසින් සුසාන භූමියේ සොහොන් කොත් මත මැටිවලින් සකස් කළ මිනිස් රූපවලට සමාන රූප තබා පහන් දල්වමින් පූජා කටයුතු සිදු කරමින් සිට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම ස්ථානය පරීක්ෂා කිරීමේදී සොහොන් කොත්වලට හානි කරමින් මිනී වළවල් ද හාරා ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 49ක් සහ 38ක් වන හිඟුරක්ගොඩ සහ බකමූණ ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. මොවුන් සතුව තිබූ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කාන්තාවන් මීට පෙර අවස්ථාවන්වලදී ද මෙවැනි ක්‍රියාවන්හි නිරත වී ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් ගම්වාසීන් දැඩි බියකින් පසුවන බවත්ය. සැකකාරියන් පුද්ගලික හා පොදු සුසාන භූමි ආඥා පනත යටතේ සොහොන් කොත්වලට හානි සිදු කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර