හුංගම, රන්න වීරකැටිය මාර්ගයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 53 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රන්න දෙසට ධාවනය වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර මීරිගම – දිවුලපිටිය මාර්ගයේ රේන්දපොල ප්‍රදේශයේදී තවත් මාරක රිය අනතුරක් සිදුව ඇත. රේන්දපොල සිට මීරිගම දෙසට ධාවනය වූ කාර් රථයක් පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 72 හැවිරිදි රේන්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයද රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර