Xiaomi ශ්‍රී ලංකා සමාගම විසින් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන ‘Xiaomi 17T’ මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී තිබේ. මෙම උත්සවය පැවැත්වුණේ ‘Step into a smarter world with Xiaomi’ තේමාව යටතේය.
මෙම නවතම දුරකතනය ‘The Telephoto Master’ ලෙස හඳුන්වනු ලබන අතර, එය 50MP Leica ප්‍රධාන කැමරාවක් සහ 50MP Leica 5x periscope ටෙලිෆොටෝ කැමරාවක් ඇතුළු උසස් කැමරා පද්ධතියකින් සමන්විත වේ. තවද, MediaTek Dimensity 8500-Ultra ප්‍රොසෙසරය සහ 6500mAh බැටරි ධාරිතාවකින් මෙය බලගැන්වේ.
එමෙන්ම, Abans ආයතනයේ දායකත්වයෙන් කොළඹ One Galle Face වෙළෙඳ සංකීර්ණයේ නව ප්රදර්ශනාගාරයක් විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි. මෙම ප්‍රදර්ශනාගාරය හරහා ස්මාර්ට් ජංගම දුරකතන පමණක් නොව, ස්මාර්ට් නිවාස උපකරණ සහ අනෙකුත් තාක්ෂණික උපාංග පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.
මෙම අවස්ථාවට එක්වෙමින් Xiaomi ශ්‍රී ලංකා ප්‍රධානී කේන් වැන්ග් මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණය සහ ඉහළ කාර්යසාධනයක් සහිත නිෂ්පාදන ලබා දීමට තම සමාගම කැපවී සිටින බවයි. Abans ආයතනයේ පුළුල් අලෙවි ජාලය මෙම ගමනට විශාල ශක්තියක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර