තෙල්දෙණිය ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය භෞතික චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මෙම සිදුවීමට අදාළව ඇයගේ සහෝදරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මියගිය තරුණිය සහ සැකකරු අතර පැවති සබඳතාවය මාස අටක පමණ කාලයක සිට සැලසුම් සහගතව සිදුකළ එකක් බවයි.
සහෝදරයා පවසන පරිදි, සැකකරු විසින් ඇයව රවටා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. කැනඩාවට යාම සඳහා ලේඛන සකස් කිරීමට බව පවසමින් ඇයගෙන් මෙම මුදල් ලබාගෙන ඇති අතර, සැකකරු තිදරු පියෙකු බවත් ඔහු භාවිතා කළ වාහනය පවා වෙනත් අයෙකුගේ නමට ලියාපදිංචි කර තිබූ බවත් හෙළි වී තිබේ.
මියගිය තරුණියගේ සහෝදරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඇය අසනීප වී සිටි අවස්ථාවේදී පවා සැකකරු ඇයව නිසි ලෙස රැකබලා නොගෙන අතහැර දමා ගොස් ඇති බවයි. සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ද සැකකරු විවිධ අසත්‍ය තොරතුරු පවසමින් ඔවුන්ව නොමඟ යවා ඇත.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ඇයගේ සිරුර හමුවන විටත් ඇයගේ පාදයේ කැනියුලාවක් තිබීම සහ මුවින් ලේ ගලා තිබීම වැනි කරුණු සැක සහිත බව පවුලේ ඥාතීන් පෙන්වා දෙයි. මෙම මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත නීතිමය තීන්දුවක් ලැබී නොමැති බවත්, තම සහෝදරිය ඝාතනයට ලක්ව ඇති බව තමන් තවමත් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර