චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීම සඳහා විශේෂ උත්සවයක් ඊයේ (26) කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම උත්සවය චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙනග් හොන්ග්, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ජී. වීරසිංහ සහ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් එක්ව සිටියහ.
සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, සියවසකට වැඩි කාලයක් පුරා චීන කොමියුනිස්ට් පක්ෂය ලබා දුන් නායකත්වය ඔස්සේ චීනය ජාතික සංවර්ධනය, සමාජ ප්‍රගතිය සහ ජනතා සුබසාධනය උදෙසා අත්කරගෙන ඇති ජයග්‍රහණ විශිෂ්ට බවයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ චීනයේ අත්දැකීම් ශ්‍රී ලංකාවටද ආදර්ශයක් බවයි. ජාතික එකමුතුව සහ සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සිය දේශනයේදී අවධාරණය කළේ දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටේ තරුණ පරපුර අතර පවතින අන්තර් සබඳතා ඉතා වැදගත් වන බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර