බොහෝ නිවාසවල පිරිසිදුකම පවත්වාගෙන ගියද, නිතර නිතර විෂ සර්පයන් සහ අනෙකුත් සතුන් පැමිණීම නිවැසියන් දැඩි පීඩාවට පත් කරන කරුණකි. වාස්තු විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන විට, මෙවැනි සිදුවීම් සඳහා නිවසේ පවතින ඇතැම් වාස්තු දෝෂ හේතු විය හැකි බව විද්වතුන් පෙන්වා දෙයි.
නිවසක ඊශාන සහ නැඟෙනහිර දිශාවන් අවහිර වීම හෝ ආලෝකය අඩුවීම නිසා ඇතිවන ‘අන්ධක දෝෂය’ මෙවැනි සතුන් ආකර්ෂණය වීමට එක් ප්‍රධාන හේතුවකි. එසේම, නිවසේ ගේට්ටුව නිරිත දිශාවට පිහිටා තිබීම සහ එම දිශාවේ ජලය රැඳී තිබීම ද වාස්තු විද්‍යාවට අනුව අශුභ ලෙස සැලකේ. රාහු ග්‍රහයාට අයත් නිරිත දිශාවේ පවතින මෙවැනි දෝෂ සර්පයන් වැනි විෂ සහිත සතුන්ගේ පැමිණීම උත්තේජනය කරන බව සඳහන් වේ.
තවද, නිවසක මධ්‍ය කොටස හෙවත් බ්‍රහ්ම පාදය පහත් මට්ටමක පැවතීම සහ වහලයේ හැඩය (කැණිමඬල හෝ තනිඵල වහල) සතුන්ට වාසස්ථාන සපයන සාධක බවට පත්විය හැකිය. මීයන්, ලේනුන් වැනි සතුන් වහල ආශ්‍රිතව ගැවසීම නිසා ඔවුන් දඩයම් කිරීමට විෂ සර්පයන් නිවස දෙසට ඇදී ඒම ස්වභාවිකවම සිදුවිය හැකිය.
නිවසක් ඉදි කිරීමට පෙර භූමිය නිසි ලෙස සකස් කර ගැනීම සහ වාස්තු නීතිවලට අනුකූලව සැලසුම් සකස් කිරීම මෙවැනි ගැටලු අවම කර ගැනීමට උපකාරී වේ. විශේෂයෙන්ම නැඟෙනහිර දිශාවට ඉඩක් තබා ගැනීම සහ නිවසේ ගෘහ පොරොන්දම් නිවැරදිව ගැළපීම මගින් නිවසේ සුබවාදී ශක්තිය වැඩි කර ගත හැකි බව වාස්තු විද්‍යාඥයන් වැඩිදුරටත් පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර