මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින කළමනාකරණ ගැටලු හේතුවෙන් සුදුසුකම් සපුරා ඇති නවක වෛද්‍යවරුන් පවා රැකියා විරහිත උපාධිධාරීන්ගේ පෝලිමට එකතු වීමේ අවදානමක් මතුව තිබේ. දැනටමත් සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, නූතන සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මානව සම්පත් කළමනාකරණය සිදු නොවීම සහ කාර්ය මණ්ඩල අනුමැතියන් නිසි ලෙස නොලැබීම මෙම අර්බුදයට මුල් වී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව වෛද්‍ය හිඟයක් නොපෙනුණද, ප්‍රාදේශීය, ග්‍රාමීය සහ ශික්ෂණ රෝහල්වල සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව ඔහු අවධාරණය කරයි.
රටේ සෞඛ්‍ය සේවාවට නව විශේෂඥ සේවාවන් එක්වුවද, ඒවාට අනුකූලව වෛද්‍යවරුන් අනුමත නොකිරීම නිසා සේවක හිඟය පිටතට නොපෙනෙන බවද වෛද්‍යවරයා සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන තරුණ වෛද්‍යවරුන්ගේ අනාගතය සහ ස්ථීර පත්වීම් ලැබීමේ අවස්ථාවන් දැඩි අවිනිශ්චිතතාවකට ලක්ව තිබේ.
පවතින සෞඛ්‍ය අර්බුදය හමුවේ රෝගී සේවාවන් පවත්වාගෙන යාම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මානව සම්පත් ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය විශේෂඥවරුන් විසින් පෙන්වා දී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර