තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) රජය අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ රහසිගත කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සිදුවීමත් සමඟ මේ වන විට එරට දේශපාලන කරළිය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
TVK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වෙත අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෙන්නායි පොලීසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ මන්ත්‍රීවරයාට සභා කතානායකවරයාට එරෙහි යෝජනාවකට සහාය දීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 350ක අල්ලසක් ලබා දීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
මෙම කුමන්ත්රණයේ අරමුණ වී ඇත්තේ TVK පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ලවා එකවර ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගනිමින් රජය බිඳ දැමීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන්ට සමීප පුද්ගලයන් සිටින බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් TVK පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් චෝදනා කරන්නේ, මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ ජාවාරම පිටුපස විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සිටින බවය. කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන විපක්ෂය පවසන්නේ, රජයේ අසාර්ථකත්වය වසා ගැනීමට පදනම් විරහිත ප්‍රකාශ සිදුකරන බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර