2030 වසර වන විට මෙරට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට පත් කිරීම රජයේ ඉලක්කය බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ අධ්යක්ෂ අසිත මුණසිංහ මහතා පවසයි. බදු පදනම පුළුල් කරමින් බදු අනුකූලතාව ඉහළ නැංවීම තුළින් පවතින බදු බර ක්‍රමයෙන් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
ජූලි 06 සිට 10 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ‘බදුශක්ති 2026’ ජාතික බදු සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. බදු ගෙවීමේ හැකියාව තිබියදීත් බදු දැලට ඇතුළත් නොවූ පිරිස් හේතුවෙන් නිසි ලෙස බදු ගෙවන ජනතාව මත අමතර බරක් පැටවී ඇති බවත්, එය සමනය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවත් ඔහු පැවසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. බදු ගෙවන්නන් පසුපස හඹා යාම වෙනුවට, ඔවුන් ස්වේච්ඡාවෙන්ම බදු ගෙවීමට පෙළඹෙන සංස්කෘතියක් ගොඩනැගීම මෙහි මූලික අරමුණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති කොමසාරිස් නන්දන කුමාර මහතා ප්‍රකාශ කළේය.
රේගු ආදායම් ඉහළ නැංවීම සඳහා ආනයනික භාණ්ඩවල වටිනාකම සහ HS කේත නිවැරදිව තහවුරු කර ගැනීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. මීට අමතරව, සුරාබදු අය කිරීමේදී සිදුවන හානිය අවම කිරීමට නව පරිගණක පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
මත්පැන් බෝතල් මත ඇති ඩිජිටල් කේතය ඉදිරියේදී මහජනතාවට ද පරීක්ෂා කළ හැකි ලෙස යෙදවුමක් (App) හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (CERT) මගින් මෙය ක්‍රියාත්මක කරන අතර, එමගින් පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා මත්පැන් බෝතලයේ ප්‍රමිතිය සහ බදු ගෙවීම් පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර