පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරන කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සිය පූර්ණ සහාය පළ කර තිබේ.
මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ ඇතැම් පූජාප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අයුරින් ද්වේෂසහගත සහ අසත්‍ය මත ප්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටින බව රදගුරු සම්මේලනය පෙන්වා දෙයි. 2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීම මෙම අසත්‍ය ප්‍රචාරවල මූලික අරමුණ බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
විශේෂයෙන්ම කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දිගු කර ගැනීමට පාස්කු ප්‍රහාරය භාවිතා කරන බවට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලබයි. කතෝලික ශාසන නීතියට අනුව, වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු රදගුරුතුමන්ලා විශ්‍රාම ගැනීමේ ලිපිය ශුද්ධෝත්තම පියතුමා වෙත භාර දිය යුතු අතර, එම ධුර කාලය තීරණය කිරීමේ පරම බලය පවතින්නේ උන්වහන්සේට පමණක් බව රදගුරු මණ්ඩලය පැහැදිලි කරයි.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කරන්නේ දේව සේවය උදෙසා බවත්, දේශපාලනික බල අරගල සහ සභාවේ නීති රීති පටලවා නොගන්නා ලෙසත් රදගුරු සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම නිවේදනය ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ රදගුරු සම්මේලනයේ මහලේකම් අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර