කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මෙම වැටලීම ඊයේ (01) දහවල් කාලයේදී මට්ටක්කුලිය, ෆර්ගියුසන් පාර ප්‍රදේශයේදී සිදුකර තිබේ. සැකකරු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 05ක හෙරොයින් පැකට් සහ තවත් ග්‍රෑම් 140ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 50,000ක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් ද මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර