රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ අරමුණින්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කදී කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ නව වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පළමු POS යන්ත්‍රය නිල වශයෙන් ස්ථාපිත කෙරුණු අතර, ඒ හරහා උපත් සහතික ලබා ගැනීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම වැනි සේවාවන් සඳහා මුදල් ගෙවීමේ පහසුකම මහජනතාවට හිමි වේ.
මෙම ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ලංකා බැංකුවේ තාක්ෂණික සහ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වේ. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සේවා ලබා ගැනීමේදී තවදුරටත් මුදල් රැගෙන යාමේ අවශ්‍යතාවක් නොමැත.
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීම තුළින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමත්, මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව තහවුරු කිරීමත්, වංචා දූෂණ අවම කරමින් විනිවිදභාවය ඉහළ නැංවීමත් අපේක්ෂා කෙරේ. ගෝලීය ඩිජිටල් පරිවර්තනයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රමුඛතාවක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලක්ෂ්මන් නිපුන ආරච්චි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර