නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (NLFP) ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා පත්කර සිටින පාලනාධිකාරී පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය දීර්ඝ කර ඇත. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, අදාළ පාලනාධිකාරීවරයාගේ සේවා කාලය 2026 ජූලි 04 වන දින සිට 2027 ජනවාරි 03 වන දින දක්වා තවත් මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ආයතනයේ විසර්ජන ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා මෙම කාලය අවශ්‍ය බව මහ බැංකුව පෙන්වා දෙයි.
මෙම කාලසීමාව තුළ නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ සියලුම වත්කම්, මෙහෙයුම් සහ කටයුතු පාලනාධිකාරීවරයාගේ පූර්ණ පාලනය යටතේ පවතිනු ඇත. අදාළ පනතින් පැවරී ඇති බලතල අනුව ඔහු කටයුතු කරනු ලබන අතර, නියමිත වාර්තා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට ද ඔහු බැඳී සිටී.
තැන්පතුකරුවන්ගේ අභිලාෂයන් සුරැකීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම මෙම ක්‍රියාවලියේ මූලික අරමුණ බව මහ බැංකුව අවධාරණය කරයි.
මේ අතර, නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනය වෙත ගෙවිය යුතු මූල්‍ය බැඳීම් පවතින පාර්ශ්වයන්, අදාළ ගිවිසුම්වලට අනුව නියමිත වේලාවට එම ගෙවීම් සිදු කරන ලෙස දැනුම් දී ඇත. එම ගෙවීම් ආයතනය නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් හරහා පමණක් සිදු කරන ලෙසත්, ඒ පිළිබඳ වාර්තා පවත්වා ගන්නා ලෙසත් මහ බැංකුව වැඩිදුරටත් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර