දකුණු ආසියාවේ යටිතල පහසුකම් සහ ඉදිකිරීම් කර්මාන්තය ඉලක්ක කරගනිමින් සංවිධානය කෙරෙන ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන ‘INFRACON 2026’ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (03) ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනය ජූලි මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ ප්රමුඛ පෙළේ සමාගම් රැසක් සහ කර්මාන්ත වෘත්තිකයන් එක්ව සිටිති. ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්රණ සේවා (LECS) ආයතනය සහ බංග්ලාදේශයේ SAVOR ජාත්‍යන්තර සමාගම එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, නව ආයෝජන අවස්ථා උදා කිරීම සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ තාක්ෂණික දියුණුව හඳුන්වා දීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණයි. මෙහිදී HVAC-R, බලශක්තිය, හරිත බලශක්තිය, ජල කළමනාකරණය සහ ගොඩනැගිලි ද්‍රව්‍ය යන ප්‍රධාන අංශ පහක් ඔස්සේ නවතම නිෂ්පාදන සහ විසඳුම් ප්‍රදර්ශනය කෙරේ.
චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයකින් සහභාගී වන ප්‍රදර්ශකයන් මගින් කර්මාන්තයේ අනාගතය හැඩගස්වන නව ප්රවණතා මෙහිදී දැකගත හැකිය. දේශීය හා විදේශීය ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා මෙය කදිම වේදිකාවක් වනු ඇත.
භෞතික ප්‍රදර්ශනයට අමතරව, අන්තර්ජාලය ඔස්සේ අතථ්‍ය ජාලකරණ පහසුකම් ද සලසා ඇති අතර, එමගින් ජාත්‍යන්තර වෙළෙඳ ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශකයන් අතර සෘජු අන්තර් ක්‍රියාකාරිත්වයට අවස්ථාව හිමිවේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර