පැසිෆික් සාගරයේ පිහිටි අමෙරිකානු දූපත් කලාපයන් වන ගුවාම් සහ උතුරු මරියානා දූපත් ඉලක්ක කරගනිමින් ‘බාවි’ (Bavi) නමැති අතිශය දරුණු සුළි කුණාටුවක් හටගෙන තිබේ. මෙම කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේ හදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇත.
අමෙරිකානු ජාතික කාලගුණ සේවය පෙන්වා දෙන පරිදි, මෙම කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ ගොඩබිමට කඩා වැදීමට නියමිතය. එම අවස්ථාවේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 257ක් දක්වා ඉහළ යා හැකි බවත්, එය ව්‍යසනකාරී හානි සිදුකළ හැකි මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
කුණාටුවත් සමඟ ඇතිවිය හැකි ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයන් සහ මුහුදු රළ මීටර් 11ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී. අමෙරිකානු නාවික හමුදාවේ ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙය 4 වැනි හෝ 5 වැනි ගණයේ සුළි කුණාටුවකට සමාන විනාශකාරී බලපෑමක් එල්ල කළ හැකි බවයි.
ගුවාම් දූපතේ වෙසෙන ලක්ෂ එකහමාරකට අධික ජනතාව වෙනුවෙන් පාසල් කේන්ද්‍ර කරගනිමින් මේ වන විටත් සහන කඳවුරු 5ක් විවෘත කර ඇත. දේශගුණික විපර්යාස සහ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මෙවැනි කුණාටු වඩාත් දරුණු වීමට හේතු වී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර