මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුම්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ මෙම සිද්ධියෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
ගැටුම හේතුවෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් 36 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. මීට අමතරව ප්‍රතිකාර ලැබූ තවත් රැඳවියන් තිදෙනෙකු පල්ලන්සේන කඳවුර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සහ රැඳවියන්ගේ සහාය ඇතිව තත්ත්වය සමථයකට පත් කිරීමට හැකි වූ බවත්, බාහිර ආරක්ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ සහාය ලබාගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
කාන්තා රැඳවියන් සිටින අංශයේ ද සුළු උණුසුම් තත්ත්වයක් හටගෙන තිබූ නමුත් එය ද මේ වන විට පාලනය කර ඇත. රෝහල්ගත කළ රැඳවියන් පිළිබඳ වැඩිදුර තොරතුරු සහ නාමලේඛනය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ. රැඳවියන් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බව ද බලධාරීන් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර