චීනයේ නිංබෝ නගරය සහ කොළඹ වරාය නගරය අතර සංස්කෘතික මෙන්ම ජනතා සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් “Bosom Friends: Ningbo & Colombo” ද්විත්ව නගර කතාබහ පසුගියදා කොළඹ වරාය නගරයේදී සාර්ථකව පැවැත්විණි. “වරාය නගර සංවර්ධනයේ සංස්කෘතික ගොඩනැගීම” තේමාව කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා චීන සහ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්, චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන්, ව්‍යාපාරිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලාංකික සහ චීන සංස්කෘතික අංගයන්ගෙන් මෙම උත්සවය වර්ණවත් වූ අතර, දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සංගීතමය අත්දැකීම් ද එක් කෙරිණි.
වැඩසටහනේ ප්‍රධාන අංගය වූ “Tales of Two Cities” සැසියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දේශකයන් පස්දෙනෙකු සිය අත්දැකීම් බෙදාහදා ගත්හ. එහිදී ඓතිහාසික සමුද්‍රීය සබඳතා, ව්‍යාපාරික ක්ෂේත්රයේ දායකත්වය සහ දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
එමෙන්ම, ශ්‍රී ලාංකික ජනතාවට චීන සංස්කෘතිය සමීපයෙන් අත්විඳිය හැකි නව වේදිකාවක් ලෙස “Hi Craft” සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ද මෙහිදී සිදු විය. පැරණි මුහුදු සේද මාවතේ සිට වර්තමාන “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ දක්වා විහිදෙන මෙම සබඳතා ඉදිරියේදී තවදුරටත් පුළුල් වනු ඇති බව සංවිධායකයෝ පෙන්වා දෙති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර