මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය තහවුරු කිරීම සහ රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල රෝහල්වල වත්මන් ක්‍රියාකාරීත්වය සහ එමගින් ජනතාවට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම හෘද රෝග, දියවැඩියාව සහ ඒ ආශ්රිත සංකූලතා සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම අවස්ථාවේදී ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට සහාය දක්වමින් පෞද්ගලික ආයතන කිහිපයක් විසින් මූල්‍ය පරිත්‍යාග සිදු කිරීම ද සිදුවිය. ඒ අනුව Lanka IOC PLC ආයතනය රුපියල් මිලියන 50ක් ද, CEAT OHT Lanka ආයතනය රුපියල් මිලියන 8ක් ද, CEAT Kelani International Tyres ආයතනය රුපියල් මිලියන 4ක් ද වශයෙන් අරමුදල් ප්රදානය කරන ලදී.
ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා ඉන්දීය රජයේ අඛණ්ඩ සහාය හිමිවන බවයි. ජලයෙන් යටවූ හලාවත සහ මහියංගණය වැනි රෝහල්වල සේවා යළි සක්‍රීය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම හමුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු දෙරටේ නිලධාරීන් සහ Lanka IOC ආයතනයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර