ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ (ICT) යටිතල පහසුකම් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම සහ මෙහෙයවීම සඳහා සුදුසුකම් ලත් ආයතනවලින් යෝජනා කැඳවීමට කටයුතු යොදා ඇත. ලෝක බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශගුණික ඔරොත්තු දීමේ බහු-අදියර වැඩසටහන (CResMPA) හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වන ආයතන පසුගිය වසර පහ තුළ අවම වශයෙන් රුපියල් මිලියන 360ක වටිනාකමකින් යුත් තොරතුරු තාක්ෂණ හෝ දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව නිම කර තිබීම අනිවාර්ය සුදුසුකමකි. තවද, අදාළ ආයතනවල වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 720කට වඩා වැඩි විය යුතුය.
මෙම යෝජනා කැඳවීම ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව සිදු කෙරෙන අතර, ඒ සඳහා වන ලියකියවිලි කොළඹ 05, ජාවත්ත පාරේ පිහිටි අදාළ කාර්යාලයෙන් ලබාගත හැකිය. ලියාපදිංචි ආයතන සඳහා වන පූර්ව ලංසු තැබීමේ හමුව මාර්තු 16 දින පැවැත්වීමට නියමිතය.
අදාළ යෝජනා භාරදීම සඳහා අවසාන දිනය ලෙස 2026 අප්‍රේල් 24 දින පස්වරු 3.00 දක්වා කාලය ලබා දී ඇත. නියමිත කාලසීමාවෙන් පසුව ලැබෙන යෝජනා ප්‍රතික්ෂේප කරනු ලබන බව ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුව දැනුම් දෙයි.
මීට අමතරව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් තම ආයතනයේ ෆයර්වෝල් (Firewall) බලපත්‍ර අලුත් කිරීම සඳහා ද වෙනම ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇත. ඒ සඳහා වන ලංසු මැයි 05 දිනට පෙර භාර දිය යුතු බව දන්වා තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර