ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන උතුරු මැද පළාතේ පාසල් පද්ධතියේ පවතින ගැටලු සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා ග්‍රාමීය සංවර්ධන පදනම සහ අධ්‍යාපන සංවර්ධන සන්ධානය එක්ව මෙම වැඩසටහන දියත් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙහිදී වත්මන් අධ්‍යාපන රටාවේ සිදුවිය යුතු ගුණාත්මක වෙනස්කම් සහ විෂය මාලා සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ගුරු පුහුණුවීම් සහ උතුරු මැද පළාතේ පාසල් පද්ධතිය මුහුණ දෙන ප්‍රායෝගික අභියෝග පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ජාතික මට්ටමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා පළාත් මට්ටමින් ජනතා අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙම සංවාදයේ මූලික අරමුණ විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර