ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සතුව තිබී රුපියල් එක් කෝටි දහ අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. මොහු ඊයේ (08) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස සඟවාගෙන තිබූ ග්‍රෑම් 271කට අධික බරැති රන් මාල 12ක්, අත් පළඳනා 10ක් සහ රන් බිස්කට් 02ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ රන් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
එහිදී සිදුකළ රේගු පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ රන් තොගය රාජසන්තක කිරීමටත්, සැකකරුට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙසත් නියෝග කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර