කිසිදු බලපත්‍රයක් නොමැතිව ගජමුතු දෙකක් ළඟ තබාගෙන ඒවා විකිණීමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම ඊයේ (08) උදෑසන කාලයේදී සිදු කර ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් මෙට්‍රෝ නිවාස සංකීර්ණය ආසන්නයේදීය. ගජමුතු විකිණීම සඳහා සැකකරුවන් සූදානම් වෙමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව වටලනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරුවන් 38, 46 සහ 47 යන වයස්වල පසුවන තලවතුගොඩ, මීතලාව සහ දොලොස්බාගේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ගජමුතු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර