ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අද (09) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම උත්සවය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි.
මෙම උපසම්පදා විනයකර්ම මහෝත්සවය අද (09) සිට ජූලි 22 දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපතිවරයා වෙත මෙහිදී “අමරපුර ශාස්ත්‍රීය සංග්‍රහය” පිළිගැන්වූ අතර, මහා සංඝරත්නයේ අනුශාසනා ද සිදු කෙරිණි. රජයක් ලෙස බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු සියලු පියවර නොපිරිහෙළා ඉටු කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර