ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන හරිත සංවර්ධන වැඩසටහන් සහ පරිසර සංරක්ෂණ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර අවධානයට සහ පැසසුමට ලක්ව ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැවති සමුළු කිහිපයකට සහභාගී වෙමින්, පැරිස් ගිවිසුම සහ 2030 තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම මෙහිදී යළි තහවුරු කර ඇත. විශේෂයෙන්ම, 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය 70% දක්වා ඉහළ නැංවීම සහ ප්‍රවාහන ක්ෂේත්රය විද්‍යුත්කරණය කිරීම වැනි හරිත ප්‍රතිපත්ති ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ නිල් ආර්ථිකයක් (Blue Economy) ගොඩනැගීම සහ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ කෙරෙහිද ජාත්‍යන්තර පාර්ශ්වයන්ගේ අවධානය යොමු වී ඇත. වායු ගුණාත්මකභාවය නිරීක්ෂණය සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම සහ ප්ලාස්ටික් දූෂණය පාලනය කිරීම සම්බන්ධයෙන්ද අදාළ ආයතන සමඟ එකඟතාවන්ට එළඹීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තරුණ ප්‍රජාව පාරිසරික වැඩසටහන් සඳහා සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ ජාතික වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) ආසියා-පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරියගේ විශේෂ ප්‍රශංසාව හිමිව තිබේ. මෙම සංචාරය හරහා දේශගුණික මූල්‍යකරණ අවස්ථා සහ හරිත ආයෝජන ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට මග පෑදෙනු ඇති බවද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර