අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට අද (14) සිට එළැඹෙන ජූලි මස 28 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇත.
අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පිරිස් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ onlineexams.gov.lk.eic යන සබැඳි වෙත පිවිසීමෙන් අදාළ ලියාපදිංචිය සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම්, 0112784208, 0112784537 හෝ 0112785922 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී විමසීම් සිදු කළ හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර