කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය නිමිත්තෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය අභාවප්‍රාප්ත එමීර්වරයාගේ පවුලේ සාමාජිකයන් සහ කටාර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවීමට නියමිතව ඇත. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ශෝකය ඔවුන් වෙත නිල වශයෙන් පිරිනැමීමට නියමිතය.
මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අග්‍රාමාත්‍යවරිය සමඟ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා කටාර් බලා පිටත්ව ගොස් තිබේ. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-217 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 6.50ට දෝහා බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග තහවුරු කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර