එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එජාපය සහ සජබය අතර පවතින එකමුතුකම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයන් සාකච්ඡා කර ඇති බවත්, ඒ සඳහා මූලික පදනමක් දැනටමත් සකස් වී ඇති බවත් නවීන් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. රටේ ප්‍රධාන පෙළේ විපක්ෂයක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශව එක්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය සහ වැටුප් ගැටලු පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, වත්මන් රජය ලබා දී ඇති වැටුප් වැඩිවීම දෛනික ජීවන වියදම සමඟ සැසඳීමේදී ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය. නිෂ්පාදන ධාරිතාව මත පදනම් වූ වැටුප් ක්රමයක අවශ්‍යතාවය ද ඔහු මෙහිදී සිහිපත් කළේය.
බන්ධනාගාර සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවීන් දිසානායක මහතා කියා සිටියේ, එම සිදුවීම් රජයේ නොහැකියාව මනාව ඔප්පු කරන බවයි. මෙවැනි සිදුවීම්වල වගකීම අදාළ අමාත්‍යවරුන් සහ වගකිවයුතු නිලධාරීන් විසින් භාරගත යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර