පොදු ප්‍රවාහන සේවයේ සුරක්ෂිත බව තහවුරු කිරීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් හඳුනාගැනීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව මෙම ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළ දියත් කරන බවයි.
කොළඹ බැස්ටියන් මාවතෙන් ආරම්භ කළ අහඹු පරීක්ෂාවන්හිදී, පරීක්ෂාවට ලක් කළ පිරිසෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය වී තිබේ. මගීන් සිය ගණනකගේ ජීවිතවල වගකීම දරන රියදුරන් මෙවැනි ක්‍රියාවල නිරත වීම අතිශය බරපතල තත්ත්වයක් බව ඇමතිවරයා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, රිය අනතුරු අවම කිරීම සඳහා 2026 වසර තුළ පුළුල් නීතිමය රාමුවක් යටතේ වැටලීම් සිදුකරන බවයි. පසුගිය දින කිහිපය තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
රජය පවසන්නේ බස් රථ හිමියන් සහ වෘත්තීය සමිතිවල සහයෝගය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය බවයි. අවශ්‍ය වුවහොත් මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් නොමිලේ ලබා දීමට ද රජය සූදානම් බව සඳහන් වේ. මගී ප්‍රවාහන ක්ෂේත්රය ගෞරවනීය සහ ආරක්ෂිත සේවාවක් බවට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ වගකීම මෙහිදී අවධාරණය කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර