එප්පාවල නගරයේ බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැලක වීදුරු බිඳ දමා රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන සහ මුදල් සොරාගත් සිසුන් දෙදෙනෙකු එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයේ පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14ක බාලවයස්කරුවන් බව පොලිසිය පවසයි. පසුගිය 04 වන දින අලුයම මෙම සොරකම සිදුකර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී සීසීටීවී දර්ශන, ඇඟිලි සලකුණු සහ දුරකථන සංඥා කුළුණු වාර්තා ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි විය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සොරකම් කරන ලද ස්මාර්ට් ජංගම දුරකථන 06ක් සහ මුදල් පොලිස් භාරයට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔන්ලයින් ක්‍රීඩාවකට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම සිසුන් සොරකමේ නිරත වී ඇති බවයි. සොරාගත් දුරකථන කිහිපයක් පිරිවෙනේ හිමිනමකට සහ හිතවතුන්ට ලබා දී තිබියදී සොයාගෙන ඇත.
සැකකාර සිසුන් දෙදෙනා අද දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර