කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුළු අවට ප්‍රදේශවල අක්ෂි සැත්කම් සඳහා දිගු කලක් තිස්සේ පොරොත්තු ලේඛනවල රැඳී සිටින රෝගීන් 6,590කට සහනයක් ලබාදීමේ අරමුණින් රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි වාට්ටු සංකීර්ණය නවීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
දැනට පවතින දත්තවලට අනුව කෑගල්ල මහ රෝහල, කරවැනැල්ල මූලික රෝහල සහ රඹුක්කන ප්‍රාදේශීය රෝහල තුළ විශාල රෝගීන් පිරිසක් සැත්කම් සඳහා ලියාපදිංචි වී සිටිති. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රඹුක්කන රෝහලේ පවතින ශල්‍යාගාර තුනම උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සහ මානව සම්පත් ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ රඹුක්කන රෝහල ‘විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක්’ (Specialized Cataract Hub) ලෙස සංවර්ධනය කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සේවාවන් ශක්තිමත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
සබරගමුව පළාත් සභා අරමුදල් සහ ලෝක බැංකු ප්‍රතිපාදන මත ඉදිකරන ලද මෙම සිව් මහල් අක්ෂි වාට්ටු සංකීර්ණය, සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් කෑගල්ලට අමතරව සබරගමුව, වයඹ, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ජනතාවට ද ගුණාත්මක අක්ෂි ප්‍රතිකාර සේවාවන් කඩිනමින් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර