ඩීසල් ඉන්ධන වෙනුවට භූමිතෙල් භාවිත කරමින් මගී ප්‍රවාහන බස් රථ ධාවනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර ඇත.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මේ වන විටත් භූමිතෙල් භාවිත කරන බස් රථ 100ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවයි. එම බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගෙන නඩු පැවරීමට කටයුතු කර තිබේ.
තවත් සැක සහිත බස් රථවලින් ලබාගත් ඉන්ධන සාම්පල පරීක්ෂණ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර ඇත. එම වාර්තා ලැබීමෙන් පසු අදාළ බස් රථ හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
මෙම නීති විරෝධී ක්‍රියාව මැඩපැවැත්වීම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති අතර, ඉදිරියටත් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
මේ අතර, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ බස් රථ සඳහා භූමිතෙල් නිකුත් කිරීමෙන් වළකින ලෙසත්, සැක සහිත ලෙස භූමිතෙල් මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්ය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර