ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සමගි ජනබලවේගය නියෝජනය කළ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පැවති අතර, එම ධුරය සඳහා සංජීව රොඩ්රිගු මහතා පත් කර ඇත.
මීට පෙර එම ධුරයේ කටයුතු කළ තුවාන් ෆාහිම් මොහමඩ් අබ්දුල්ලා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පුරප්පාඩුව නිර්මාණය විය.
අදාළ පක්ෂයේ මහලේකම්වරයා විසින් සංජීව රොඩ්රිගු මහතාගේ නම මෙම ධුරය සඳහා නම් කරනු ලැබීය. ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 66(1) වගන්තියට අනුව කටයුතු කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ තේරීම්භාර නිලධාරිනී පියුමි ආටිගල මහත්මිය විසින් මෙම පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර