ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලැබූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර විශේෂ නිල හමුවක් අද (17) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
පොලිස් මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාපතිවරයාව පොලිස්පතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, නව ධුරයේ රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔහු වෙත සිය සුබපැතුම් එක් කළේය.
මෙම හමුවේදී රටේ නීතිය හා සාමය තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවයම දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ රට තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා පොලිසිය සහ නාවික හමුදාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු පොලිස්පතිවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් ද සිදු විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර