මීගමුව කලපුව ආශ්රිත පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත. ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
මෙම වැඩපිළිවෙළ යටතේ මීගමුව කලපුවේ සීමා GPS ඛණ්ඩාංක මගින් සලකුණු කර කඩිනමින් ගැසට් කිරීමට නියමිතය. කලපුවට සිදුවන පාරිසරික හානි අවම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පොලීසිය ඇතුළු ආයතනවල දායකත්වය ලබා ගැනීමට එකඟතාව පළ වී තිබේ.
එමෙන්ම, කුට්ටිදූව ප්‍රදේශයේ කරවල කර්මාන්තයේ නිරත පවුල් දහසකට ආසන්න ප්රමාණයකගේ ජීවනෝපාය නංවාලීම සඳහා එම ප්‍රදේශය විශේෂ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය ඇතිව කරවල නිෂ්පාදන අපනයන මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීමට ද කටයුතු යොදා ඇත.
මීට අමතරව, කලපුව තුළ තහනම් පන්න ක්‍රම භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නාවික හමුදාවට සහ පොලීසියට උපදෙස් ලබා දී තිබේ. දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, වත්තල, කැපුන්ගොඩ සහ හැඳල ප්‍රදේශවල නව ධීවර තොටුපොළවල් ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන කඩිනම් කිරීමටත් තීරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර