කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAPP) යටතේ රටකජු වගා කරන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් යන්ත්‍ර බෙදා දීම පසුගියදා කොළඹ ගොවිජන මන්දිරයේදී සිදු විය.
මෙම වැඩසටහන ගලේවෙල, නාඋල, මහියංගනය, රිදීමාලියැද්ද සහ කොබෙයිගනේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ. දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නංවා ආනයන සීමා කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්රමුඛ වගකීමක් බවයි. රුපියල් මිලියන 6.3ක් පමණ වටිනා මෙම ට්‍රැක්ටර් යන්ත්‍රවලින් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරගන්නා ලෙස අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ, සීමිත ඉඩම් ප්‍රමාණයකින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා නව තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ භාවිතය අත්‍යවශ්‍ය බවයි. පසුගිය වසරේ මුං ඇට ආනයනය නතර කිරීමට හැකි වූවා සේම, රටකජු සඳහා ද දේශීය වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර