දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම තීරණය පිළිබඳව රසිකයන් සහ ක්‍රීඩාලෝලීන් දැනුවත් කර ඇත.
තම ක්‍රීඩා දිවිය පුරාවට රට වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ තමන්ගේ පමණක් නොව සමස්ත රටේම ජයග්‍රහණයක් බව ඔහු පෙන්වා දෙයි. ක්‍රීඩකයෙකු ලෙස තමන්ට ලැබුණු ආදරය සහ සහයෝගය වෙනුවෙන් ඔහු සිය කෘතඥතාව පළ කර ඇත.
තම සාර්ථක ගමන සඳහා දෙමව්පියන්, පුහුණුකරුවන්, ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම තමාට අනුග්‍රහය දැක්වූ ආයතන සහ පුද්ගලයන් රැසක් ඔහු සිහිපත් කර තිබේ. විශේෂයෙන්ම ඉතාලියේ සිට තමාට සහයෝගය ලබාදුන් කණ්ඩායම් සහ වෘත්තීයවේදීන්ට ද ඔහු ස්තූතිය පුද කර ඇත.
ක්‍රීඩාවෙන් සමුගැනීම පහසු තීරණයක් නොවූ බවත්, ඒ සඳහා බලපෑ හේතු සහ ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රීඩා ක්ෂේත්රය පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් යුපුන් සඳහන් කරයි. රට වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කළ බවත්, තමන් ලැබූ අත්දැකීම් ඉදිරි පරපුර සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර