චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 99 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විදේශීය ආරාධිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සඳහන් කළේ, ජනාධිපති ෂී ජින්පිංගේ නායකත්වය යටතේ චීනය සිය ආරක්ෂක හැකියාවන් නවීකරණය කරන්නේ ගෝලීය සාමය සහ ජාත්‍යන්තර සාධාරණත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි. චීනය ශක්තිමත් වීම ලෝකයේ සමෘද්ධියට සහ සාමයට හේතු වන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින හමුදා සබඳතා ඉතා සමීප බව සිහිපත් කළ තානාපතිවරයා, පුහුණු වැඩසටහන් සහ තාක්ෂණික හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ඉදිරියටත් වර්ධනය වන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ඩිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදුන් මූල්‍ය ආධාර පිළිබඳවද ඔහු මෙහිදී සිහිපත් කළේය.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ චීන ආරක්ෂක අනුයුක්ත ජ්‍යෙෂ්ඨ කර්නල් ෆු ෂියාඕ මහත්මිය සඳහන් කළේ, ලබන වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සමරන බවයි. දෙරටේ හමුදා අතර පවතින ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැපවී සිටින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
උත්සවය අවසානයේ දෙරට අතර මිත්‍රත්වය සහ කලාපීය සාමය උදෙසා සුබපැතුම් එක් කරමින් සව්දිය පිරිනැමීමක්ද සිදු කෙරිණි. සිය ධූර කාලය අවසන් වෙමින් පවතින බව නිවේදනය කළ චීන තානාපතිවරයා, ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි තමන් තුළ පවතින ගෞරවය සහ ආදරයද මෙහිදී සිහිපත් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර